Thursday, December 18, 2014

SAMASUNG PHONE වලට Softwere ගහමු




අද මම කියන්න යන්නේ SAMASUNG PHONE වලට Softwere ගහන්නේ කොහොමද  කියලා.මේක හරිම සරල ක්‍රමයක්.ඕන කෙනෙකුට කරන්න පුළුවන්.මේකට අපිට ඕනෙ කරන්නේ ODIN TOOL එක,DATACABLE එක සහ අදාල PHONE එකේ MODEL එකට ගැලැපෙන ROM එක



දැන් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම ODIN TOOL එක පහල LINK එකෙන් Odin3-v3.07 download කර ගන්න




මේ  LINK එකෙන් SAMASUNG USB Driver install කර ගන්න.





දැන් අපිට තියන්නේ PHONE එකේ MODEL එකට ගැලැපෙන ROM එක download කර ගන්න.ROM download කරගන්න කොට PHONE එකේ MODEL එකට ගැලැපෙන ROM එක විතරක් download කර ගන්න.වෙන ROM  download කරලා ගහන්න යන්න එපා.එහෙම ගහන්න ගියොත් PHONE එක ගොඩගන්න බැරිවෙයි.මන් අයෙත් කියනවා PHONE එකේ MODEL එකට ගැලැපෙන ROM එක විතරක් download කරලා ගහන්න.


ROM මෙතනින් download කර ගන්න


anycall , olleh , U+ SAMASUNG KOREAN PHONE වල ROM මෙතනින් download කර ගන්න


download කර ගත්ත ROM එක Zip file එකක් නම් extract කරගන්න.rom එකේ format එක තියන්න ඕනෙ tar හරි md5. දැන් ඔක්කොම  හරි.දැන් වැඩේ පටන්ගමු. මුලින්ම SAMASUNG USB Drivers computer එකට  install කර ගන්න.ඊලගට ODIN TOOL එක Open කරගන්න.Open කලාම මෙහෙමයි.



දැන් PHONE  එක download mode එකට දාගන්න.download mode එකට දාගන්නේ මෙහෙමයි.PHONE  එක off කරලා volume down + home key + power on     බොත්තම් එකපාර ඔබගෙන ඉන්න




                                            එතකොට මේවගේ menu එකක් එවි..



ඊට පස්සේ volume up ඔබන්න .දැන් download mode එකේ  PHONE  එක තියන්නේ.    



දැන් DATACABLE එකෙන් PHONE එක computer එකට connect කරගන්න. connect උනාට පස්සේ ODIN TOOL  ID:COM කියලා තියන එක මෙහෙම වෙයි



දැන් ODIN TOOL  එකේ PDA කියන තැනට download කර ගත්ත ROM එක දෙන්න.

උඩ photo එකේ වගේ Auto Reboot වලටයි F.Reset Time වලටයි tic එක වැටිලද කියලා බලන්න.වැටිලා නැත්තම්  tic දාන්න.අහ් මට කියන්න මතක උනා මේ වැඩේට PHONE එකේ battery 60% වඩා තියන්න ඕනෙ.
දැන් start එක click කරන්න.වැඩෙට විනාඩි 10ක් 15ක් යි.පළවෙනි පාර PHONE එක on වෙන්න ටිකක් වෙලායයි එතකන් ඉවසලා ඉන්න.on වෙන්නේ නැ කියලා  battery  ගලවන්න හදන්න එපා.ඔයාලට අව්ල් වගේ නම් comment එකක් දන්න.




No comments:

Post a Comment