අපේ රටේ ගොඩක් අය පාවිච්චි කරන්නේ Samsung Phones.එත් දැන් ගොඩක් අය Samsung Phones ගන්න ගියාම බය වෙනවා.ඒ මොකද දැන් හැමතැනම Original Samsung Phone කියල fake Phone විකුණනවා.එක දැන් ජාවාරමක් වෙලා.ජාවාරම්කාරයෝ මේවා විකුනන්නේ korean version/viatnam version/high copy කියලා.අඩු ගානට තියන නිසා ගොඩක් අය මේ ජරාව ගන්නවා.මං අද කියන්න යන්නේ හොර phone වලට අහු වෙන්නේ නැතුව Original Samsung Phone එකක් හොයා ගන්නේ කොහොමද කියලා.එක හොයා ගන්න ක්රම කීපයක් තියනවා මම එකින් එක කියන්නම්
01) අපිට fake Phone හොයා ගන්න තියන හොදම විදියක් තමා එකේ මිල
මේවා විකුනන්නේ රු.12000-රු.15000 අතර.උදාහරණයක් විදියට Samsung Galaxy S5 එකේ fake එක විකුනන්නේ රු.15000 විතර ඒ ගානට
Samsung Galaxy S5 එකේ used කරපු එකක්වත් ගන්න බෑ .
02) අපිට මේක code වලින් හොයන්නත් පුළුවන්.
එත් සමහර code fake Phone වලත් වැඩ කරනවා.එත් මට හම්බුන හැම fake Phone එකකම මේ code දෙක වැඩ කලේ නෑ.
i) *#*#9900*#*#
ii) *#*#9900*#*#
03) fake Phone වල font style change කරන්න බෑ.එක setting > display > font style ගිහින් බලන්න පුළුවන්.fake Phone වල setting > display
වලට ගියාම font style කියල එකක් නෑ
04) fake Phone වල download mode එකක් එන්නේ නෑ. එක හොයා ගන්න Phone එක off කරලා volume down + home key + power on
බොත්තම් එකපාර ඔබගෙන ඉන්න.එතකොට මේවගේ menu එකක් එවි.
05) තව අපිට මේකේ model number එකෙනුත් fake Phone හොයා ගන්න පුළුවන්
ගොඩක් ජාවාරම්කාරයෝ මේවා විකුනන්නේ korean version කියලනේ. ඒවා වල model number එක පටන් ගන්නේ GT-i කියලා.එත් Original Samsung korean phone වල model number එක පටන් ගන්නේ SHV/ SHW කියලා.තව korean phone වල ඇන්ටනා එකක් එනවා.
මම හිතනවා මේ ටික හොදටම ඇති අපිට fake phone හොයා ගන්න.samsung phone use කරපු කෙනෙක්ට නම් phone එක අතට ගත්ත ගමන් හොයා ගන්න පුළුවන්.මේ post එකේ අඩුපාඩුවක් තියනවනම් සමව වෙන්න.මොකද මේ මගේ 1st පොස්ට් එක.
****************ජය වේවා ඔක්කොටම *****************